දඹුල්ල නගරය ට ආ දැවැන්තයෝ

දඹුල්ල නගරය ට ආ දැවැන්තයෝ

April 25, 2024   11:22 am

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනා පළවා හැරීමට වනජීවී නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරීන්ට හැකිවූ බව දඹුල්ල පොලීසිය කියයි.   

23 වනදා රාත්‍රියේ මෙම වන අලි තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළෙඳසැල් අවට සැරිසරන අයුරු ඊයේ (24) අලුයම ප්‍රදේශවාසීන් දැක තිබේ.
 
පසුව වනජීවී නිලධාරීන්, දඹුල්ල පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය මත වනඅලි රැඳී සිටි ස්ථානයේ සිට කිරලව, මාරකෑල්ල  රක්ෂිතයට පළවා හැරීමට පියවර ගත්තේය.