ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්

ඉරාන ජනපතිගෙන් පොරොන්දුවක්

April 24, 2024   02:00 pm

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවය.