සිරිල් ගාමිණි පියතුමන් CIDයට එයි

සිරිල් ගාමිණි පියතුමන් CIDයට එයි

April 19, 2024   10:17 am

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

"පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථා ගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව" අදාළ කැඳවීමේ ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.