ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි

ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි

April 19, 2024   08:13 am

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර  ප්‍රහාර එල්ලකර ඇති බවයි.
  
එරට අභ්‍යන්තර ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබේ.

Isfahan කලාපයේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහිත ප්‍රදේශයකි.

මේ අතර ඉරාන බලධාරීන් පවසා ඇත්තේ ඩ්‍රෝන තුනක් ඔවුන් විසින් විනාශ කළ බවයි.

මීට සති කිහිපයකට පෙර ලෙබනනයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ එල්ල කළ අතර අද (19) ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.