ඉරානයේ හයියට ඉන්න දැවැන්තයා කවුද ?
සයුරෙන් එතෙර

ඉරානයේ හයියට ඉන්න දැවැන්තයා කවුද ?

April 16, 2024   05:24 pm

රුසියා - යුක්‍රේන යුද්ධයේදී රුසියාවට සහාය දෙමින් චීනය ගෙනයන වැඩපිළිවෙල හා සමානවම මැදපෙරදිග උද්ගතවී ඇති අර්බුදයේදී චීනය ඉරානයට සහාය දෙමින් සිටින බව ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉරානය යනු චීනයේ සමීපතම මිතුරෙකු බවය.

එමෙන්ම ඔවුන් එකිනෙකා සමග ආයුධ ගනුදෙනුවල ද නිරත වන බවද පැවසෙයි.

ඒ අනුව චීනය මේ වනවිට කළ යුත්තේ ඉරානය අවුලුවාලීම නොව තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීම බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.