ලිස්සන ගස කඩාවැටී 4ක් රෝහලේ

ලිස්සන ගස කඩාවැටී 4ක් රෝහලේ

April 16, 2024   04:46 pm

අවුරුදු උත්සවයක් අතරතුර ලිස්සන ගස කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ගම්පොළ, ගම්පලවෙල රාජඇලගම ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ මෙම අනතුර සිදුවී තිබුණි.

තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළේය.

අවුරුදු උත්සවයේ ලිස්සන ගහේ නැගීමේ තරගය පැවැත්වෙන අතරතුර එය කඩා වැටී ඇති බව සඳහන් ය.

එම අවස්ථාවේ ලිස්සන ගසෙහි නැගීමට උත්සාහ දරමින් සිටි සිව් දෙනෙකු මෙලෙස අනතුරින් තුවාල ලබා තිබුණි.