වැස්ස සහ අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 39ක් මරුට

වැස්ස සහ අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 39ක් මරුට

April 16, 2024   02:49 pm

නිරිතදිග පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බව පැවසෙයි.

ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී පවතී.

එමෙන්ම විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වෙයි.

2022 වසරේදී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇති වු අනතුරු මගින් පුද්ගලයින් 1700කට අධික පිරිසක් මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලැබීය.