පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට
සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට

April 16, 2024   02:44 pm

පාකිස්තානය ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

පාකිස්තානයේ මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිල වෙනස්වීම මත පදනම්ව ඉන්ධන හා ගෑස් නියාමන අධිකාරිය විසින් මෙම මිල සංශෝධනය සකස් කර ඇති බවය.

පාකිස්තානය තුළ පෙට්‍රල් වැනි ඉන්ධන වැඩිපුරම භාවිත වන්නේ පුද්ගලික ප්‍රවාහනය, කුඩා වාහන, යතුරුපැදි වැනි රථවාහන සඳහා ය.

එබැවින් මෙම මිල සංශෝධනය මධ්‍යම හා පහළ මධ්‍යම පාන්තිකයන්ට දැඩි බලපෑමක් ඇති කරන බව වාර්තා වෙයි.