මූණටම එල්ලවූ ප්‍රහාරය කැමරාවේ

මූණටම එල්ලවූ ප්‍රහාරය කැමරාවේ

April 16, 2024   01:14 pm

ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ ජෝර්ජියාවේ පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දෙන ආකාරයයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර දරුණු ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

මෙම ගැටුම සිදුව ඇත්තේදෙපාර්ශ්වය අතර මතභේදයකට හේතු වී ඇති ජෝර්ජියාවේ විදෙස් සංවිධානවලට දැඩි සීමා පනවන ෆොරීන් ඒජන්ට්ස් නීතිය පිළිබඳව පැවති විවාදයක් අතරතුරදීය.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහතින්,