ට්‍රම්ප් ජනපති වියයුතු බව ලිස් ට්‍රස් කියයි 

ට්‍රම්ප් ජනපති වියයුතු බව ලිස් ට්‍රස් කියයි 

April 16, 2024   12:51 pm

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළයුතු බව හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනී ලිස් ට්‍රස් පවසයි.

ඇය පවසන්නේ ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටින විට "ලෝකය වඩාත් ආරක්ෂාකාරී" බවයි.

බ්‍රිතාන්‍ය යේ කෙටිම කලක් අගමැති ධුරය දැරූ ට්‍රස් පවසන්නේ මේ වනවිට ගැටුම් හේතුවෙන් ලෝකයම ඉතා අවදානම් සහිත තත්ත්වයක පවතින බවත් වෙන කවදාකවත් වඩා "ශක්තිමත් අමෙරිකාවක්" දැන් අවශ්‍යව ඇති බවත් ය.    

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අමෙරිකානු ජනපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටියි.