ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්සේ ඝාතනයක්

April 16, 2024   11:43 am

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය.

අද (16) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.