අකුණට බිලි වූ ජීවිතය

අකුණට බිලි වූ ජීවිතය

April 16, 2024   07:07 am

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ කුඹුරු යායක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඊයේ (15) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, කැකැලාන, කොටියාගල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.