එංගලන්ත ක්‍රිකට් පිටියේ සුපිරි වැඩකරුවෙකු දිවියෙන් සමුගනී

එංගලන්ත ක්‍රිකට් පිටියේ සුපිරි වැඩකරුවෙකු දිවියෙන් සමුගනී

April 15, 2024   10:39 pm

එතෙක් මෙතෙක් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන Derek Underwood මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියයන විට ඔහු 78 හැවිරිදි වියේ පසුවිය.

වර්ෂ 1966 සිට වර්ෂ 1982 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 86කට ක්‍රීඩා කළ Derek Underwood කඩුලු 297 දවාගැනීමට සමත්වී තිබේ.

එවකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සඟයන් ඔහුව හැඳින්වූයේ "Deadly" යන අන්වර්ථ නාමයෙනි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සිය නාමය ඉදිරියේ සුවිශේෂී පරිච්ඡේදයක් නිර්මාණය කළ මෙම සුවිශේෂී දඟ පන්දු යවන්නා icc hall of fame වෙත ද ඇතුළත් විය.