ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලොකු තීරණයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලොකු තීරණයක්

April 15, 2024   10:06 pm

ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය  කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගත් බව සඳහන් ය.