රටම බලා සිටි ප්‍රතිඵලය සාගල මුල්වරට හෙළිකරයි

රටම බලා සිටි ප්‍රතිඵලය සාගල මුල්වරට හෙළිකරයි

April 15, 2024   07:57 pm

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම සාකච්ඡාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කර ඇත්තේ පසුගිය මාර්තු මස අවසානයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බවය.

කෙසේ වෙතත් ඉන් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට මේ වනවිට හැකීවී තිබේ.

එමෙන්ම අදාළ සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණීමට අසමත් වූ කරුණු දෙක සම්බන්ධයෙන් ඉදිරියේ දී නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් ඒ මහතා එහිදී සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රජය මේ වනවිට අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක සිටියි.