ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සාකච්ඡාවක්

April 10, 2024   05:13 pm

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර අදහස් හුවමාරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද වාතාවරණය මධ්‍යයේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඉන්දීය කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර ඇත.

ඉන්දීය වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බැරෑරුම්ව සලකන ලෙස ඉන්දීය රජය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මේ වනවිට ඉන්දියානුවන් 18,000 ක් පමණ විවිධ අවශ්‍යතා අනුව ඊශ්‍රායලය තුළ රැඳී සිටින බව වාර්තා වෙයි.