ජේකොබ් සූමා රිය අනතුරකට ලක්වෙයි

ජේකොබ් සූමා රිය අනතුරකට ලක්වෙයි

March 29, 2024   06:37 pm

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව තිබේ.

බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති නමුත් ඉන් ඔහුට අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අනතුර හදිසි අනතුරක් ලෙස වාර්තා වුව ද එය කිසියම් සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවක් බවට සූමාගේ එම්කේ පක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජිතයින් චෝදනා කර ඇත.

2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකානු ජනාධිපති ධුරයේ කටයුතු කළ 81 හැවිරිදි ජේකොබ් සූමා, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එරට මැතිවරණ කොමිසම ඊයේ (28) නිවේදනය කර තිබුණි.