අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු පළා යයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු පළා යයි

March 29, 2024   02:21 pm

අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබේ.

එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු අද (29) දහවල් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේය.

ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

එක් රැඳවියෙකුට මාස 02ක සිරදඬුවමක් සහ අනෙක් පුද්ගලයාට මාස 6ක සිරදඬුවමක් නියමව තිබූ බව වාර්තා වේ.

පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.