119, 118 සහ 1927 ඔස්සේ පොලීසියට තොරතුරු දෙන්න

119, 118 සහ 1927 ඔස්සේ පොලීසියට තොරතුරු දෙන්න

March 29, 2024   01:39 pm

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුස ගසේ දිවි පිදීම සිහි කරන්නාවූ මහා සිකුරාදා දිනය අදට (29) යෙදී තිබේ.

මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබුණි.

දිවයින පුරා පිහිටි කිතුණු දේවස්ථාන 2,978 කින් දේවස්ථාන 2,230ක පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අතර ඊට ආරක්ෂාව සපයන්නේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධවය.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 6,837ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 464 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,882 ක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, "මොනවා හරි සැකකටයුතු දෙයක් නම් ඉක්මනින් පොලීසියට දැනුම්දෙන්න. විශේෂ දැනුම්දීමක් සිදුකරනවා නම් 119, 118 සහ 1927 අංක වෙත අමතන්න."