මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී සිදුවූ අනතුරේ නවතම තත්ත්වය

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී සිදුවූ අනතුරේ නවතම තත්ත්වය

March 28, 2024   09:38 pm

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

අද පස්වරු 7.30ට පමණ බෝ ගසේ අත්තක් කඩාවැටීමේ හේතුවෙන් මහරගම හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවිය.

එම අනතුරින් යතුරුපැදියකට, ත්‍රිරෝද රථ දෙකකට සහ මෝටර් රථයකට හානි සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කඩා වැටුණු බෝ ගසේ අත්ත එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවය.