සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් වාර්තාගත ලාභයක්

March 28, 2024   08:43 pm

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වාර්තා කර ඇති වැඩිම ලාභය මෙයයි.