නදීම් බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

නදීම් බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

March 28, 2024   07:09 pm

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නදීම් බාෂික් විසින් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

මීට අදාළ ව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටියේය.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අසාධාරණ ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.