රු 500ක අල්ලසක් ගත් පොලිස් සැරයන්ට අධිකරණය දුන් දඬුවම

රු 500ක අල්ලසක් ගත් පොලිස් සැරයන්ට අධිකරණය දුන් දඬුවම

March 28, 2024   06:36 pm

ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ.

සැකකාර පොලිස් සැරයන්වරයා විසින් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමට ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500ක ලබාගැනීමේ චෝදනාවට ඔහු වරදකරු කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුට විරුද්ධව චෝදනා 4ක් යටතේ අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් සැකකාර සැරයන්වරයා එම චෝදනා 4ටම වරදකරු ලෙස තීරණය කර ඇත.

ඒ අනුව එක් එක් චෝදනාව සඳහා වසර බැගින් වසර 4ක සිර දඬුවම් නියම කර ඇති අතර එකී සිර දඬුවම් එකවර ගෙවී යායුතු බවට නියම කර ඇත.

එසේම සැකකාර සැරයන්වරයාට රුපියල් 5000 බැගින් චෝදනා සඳහා රුපියල් 20,000ක දඩයක් ද අධිකරණය නියම කර තිබේ.

එසේම අල්ලස් වශයෙන් ගත් රුපියල් 500 ද මුදල් දණ්ඩනයක් වශයෙන් අයකරගැනීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.