ඉන්දියාවේ හඬ ප්‍රබල බව යුක්‍රේනය පවසයි
සයුරෙන් එතෙර

ඉන්දියාවේ හඬ ප්‍රබල බව යුක්‍රේනය පවසයි

March 28, 2024   01:55 pm

යුක්‍රේන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු අද දිනයේදී ඉන්දියාවට පැමිණෙනු ඇති බවය.

ඉන්දියාව යනු බලවත් ජාත්‍යන්තර හඬක් සහිත වැදගත් ගෝලීය හවුල්කරුවෙකු බව අදාළ සංචාරය ආරම්භ කිරීමට පෙර ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇති බව සඳහන් ය.

එම සංචාරය අතරතුර දී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව ද යුක්‍රේනය පවසයි.