මුම්බායි පන්දු යවන්නන් ට දැඩි ප්‍රහාරයක්

මුම්බායි පන්දු යවන්නන් ට දැඩි ප්‍රහාරයක්

March 27, 2024   10:09 pm

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (27) සමත් විය.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවය.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 277ක් රැස් කළේය.

එය සියලුම ආකාරයේ පිරිමි  T20 තරගවල තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

මෙම තරගය ජයගැනීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 278ක් ලබාගත යුතුව තිබේ.

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී RCB කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 263ක් රැස්කර තිබුණි.