නිවසක් තුළ කාන්තා සිරුරක්

නිවසක් තුළ කාන්තා සිරුරක්

March 27, 2024   09:37 pm

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අද (27) දහවල් කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ.

කාන්තාව මියගොස් සිටි ස්ථානය අවට ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඇය සාමාන්‍යයෙන් පැළඳ සිටින රන් ආභරණ ඇයගේ ශරීරයේ නොමැති බව ඥාතීන් විසින් පවසා ඇති බැවින් මෙය ඝාතනයක් බවට සැකකරන බවද පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ දියණිය හා පුත්‍රයා රැකියාවට ගොස් සිටි අතරවාරයේ මෙය සිදුවී ඇති බව පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.