කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයන් ඉල්ලා අස්වෙයි

කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයන් ඉල්ලා අස්වෙයි

March 19, 2024   03:30 pm

Update

March 19, 2024   05:48 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

-------------------------

Update

March 19, 2024   04:53 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

-----------------------

Update

March 19, 2024   03:54 pm

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

-------------------------

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා ඇත.

එසේම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බව මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉල්ලා අස්විය.