කථානායකට එරෙහි විශ්වාසභංග විවාදයට තවත් දිනයක්

කථානායකට එරෙහි විශ්වාසභංග විවාදයට තවත් දිනයක්

March 19, 2024   12:19 pm

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන 21 වන බ්‍රහස්පතින්දා දිනයේ ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

එසේම එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ගොවීන්ගේ වී මිලදී ගැනිම සම්බන්ධ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 22වන සිකුරාදා දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමටය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.  

ඒ අනුව එළඹෙන 21 වන බ්‍රහස්පතින්දා පස්වරු 4.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.