හමාස් නායකයෙක් මරුට

හමාස් නායකයෙක් මරුට

March 19, 2024   11:33 am

ප්‍රධාන පෙළේ හමාස් නායකයෙක් ලෙස සැලකෙන මර්වාන් ඉසා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පවසයි.

මර්වාන් හමාස් සංවිධානයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඔක්තෝබර් 07 වනදා ප්‍රහාරයෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ වඩාත් ජ්‍යේෂ්ඨතම හමාස් නායකයා මර්වාන් බව වාර්තා වෙයි.

එහෙත් එම මරණය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිවක් නිවේදනය කර නොමැත.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා සඳහන් කළේ නුසේරත් සරණාගත කඳවුර අභ්‍යන්තරයේ වූ හමාස් උමං පද්ධතියකට එල්ලකළ ප්‍රහාරයකින් මර්වාන් ඉසා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.