වරදක් නොකරම පුංචි මල් කැකුළ සඳහටම නිහඬවෙයි
March 19, 2024 09:13 am
විශ්වමඩු ඉලංගෝපුරම් ප්රදේශයේදී අනියම් සබඳතාවයකින් උපත ලැබූ දරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් දිස්ත්රික්කයේ පුදුකුඩිරිප්පු පොලිස් වසමට අයත් විශ්වමඩු ඉලංගෝපුරම් ප්රදේශයේ පදිංචි කාන්තාවක් සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටියදී අනියම් සබඳතාවයක් හේතුවෙන් ගැබ්ගෙන ඇත.
මෙම කාන්තාව මීට දින තුනකට පෙර දරුවෙකු ප්රසූත කර දරුවා ඝාතනය කර තිබේ.
කාන්තාව කිළිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී සිද්ධිය පුදුකුඩිරිප්පු පොලීසියට දන්වා ඇති අතර පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අද (19) දින දරුවා මිහිදන් කළ ස්ථානයේ විනිසුරුවරයෙකු ඉදිරියේ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.