රෝහිතට උත්තර නොදී උසාවියේ දී හමුවීමට ජාතික ජන බලවේගයෙන් තීරණයක්

රෝහිතට උත්තර නොදී උසාවියේ දී හමුවීමට ජාතික ජන බලවේගයෙන් තීරණයක්

March 19, 2024   08:01 am

‍රෝහිත අබේගුණවර්ධන මහතා අපහාසයක් සම්බන්ධයෙන් විජිත් හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව එන්තරවාසියක් යොමුකළ ද ඊට පිළිතුරු නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂය පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඒ හේතුව මත රෝහිත අබේගුණවර්ධන මහතා නඩු පවරන්නේ නම් ඔහු විශාල ධනයක් උපයා ගත් ආකාරය පිළිබඳ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන බවය.

නඩුව අතරමඟ ඉල්ලා අස්කර ගැනීමට ඉඩ නොදෙන බව ද කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.