බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවයි

March 19, 2024   07:23 am

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සුහද ස්ථාන මාරු පමණක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

"දැන් ආණ්ඩුකාරතුමා කිව්වේ, පළමුවෙන්ම mutual transferවලට ඉඩ දෙනවා. කැමති කැමති අයට ලබාදෙනවා. දෙවැනි එක මාරුවීම් ඉල්ලුම් කරලා තියෙන අයට පුරප්පාඩු තියෙන තැන්වලට යන්නත් සර්කල් එකක් නේ තියෙන්නේ. ඒක කැමති නම් ඒකට ඉඩ දෙනවා. ඒකේ කවුරු හරි අකමැති නම්, ඇපීල් කෝට් එකක් දානවා. ඒක දාන්නේ අමාත්‍යාශයෙන්. හැබැයි තේරුම් ගන්න මේවා එකක්වත් ආණ්ඩුව හෝ පළාත් සභා ආණ්ඩුකාරතුමාගේ උවමනාව මත කරන ඒවා නෙමෙයි. වෘත්තීය සමිතිවලින් මේවා කරන්නේ. ඒවායේ ඉන්නේ ඔයගොල්ලන්ගේම අය. ඒ අය ඔයාලට එකක් කියනවා පිටට එකක් කියනවා. එතකොට මිනිස්සු ආණ්ඩුව එක්ක කලකිරෙනවා."