අධිවේගයේ තවත් මාරක අනතුරක්

අධිවේගයේ තවත් මාරක අනතුරක්

March 19, 2024   06:44 am

දක්ෂණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (19) අලුයම එම අනතුර සිදුව තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2R හා 45.3R කණු අතරදීය.

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනයවූ කන්ටේනර් රථයක පිටුපස ගැටී එම අනතුර සිදුව තිබිණි.

අනතුරින් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් තරුණයෙක් මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.