තරුණ හිමිනමක් අපවත් වෙති

තරුණ හිමිනමක් අපවත් වෙති

March 18, 2024   09:41 pm

තබ්බෝව ජලාශයේ දියේ ගිලී තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබේ.

මෙලෙස අපවත්වී ඇත්තේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීල්ඔය සංඝානන්ද හිමි බවට අනාවරණය වී ඇත.

හබරාදුව කොග්ගල තලාතුඩුව විවේක සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් වන හිමිනම වනාතවිල්ලුව ශ්‍රී ධර්මරාජ විහාරය වෙත පැමිණ සිටියදී විහාරස්ථ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග තබ්බෝව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙම ඉරණමට මුහුණ දී ඇති බවට වාර්තා වෙයි.

හිමිනමගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (19) සිදුකිරීමට නියමිත අතර කරුවලගස්වැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.