බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කරයි

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කරයි

March 18, 2024   08:34 pm

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ.

17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර උපනායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස්.

ඉකුත් වසරේදී අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු හසරංගද මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 වැනිදාත් දෙවන තරගය මාර්තු මස 30 වැනිදාත් ආරම්භවීමට නියමිතය.

සංචිතය පහතින්.