වැඩිකරගත් වැටුප ගැන මහ බැංකු සේවකයින් ගැනීමට යන තීරණය

වැඩිකරගත් වැටුප ගැන මහ බැංකු සේවකයින් ගැනීමට යන තීරණය

March 18, 2024   07:40 pm

තමන් වැඩිකරගත් වැටුප් යම් ප්‍රතිශතයකින් යළි අඩු කිරීම පිළිබඳව මහ බැංකු පාලනාධිකාරිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ මහ බැංකු වෘත්තිය සමිති ඊට විරෝධය පළකර ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් 70%කින් පමණ වැඩිකර ගැනීම හා ඒ වෙනුවෙන් මාසිකව අමතර රුපියල් මිලියන 232ක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වුණි.

එවන් පසුබිමක ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට මහ බැංකු ප්‍රධානින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද පසුගියදා කැඳවනු ලැබීය.