හෙරොයින් ජාවාරම්කරුට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

හෙරොයින් ජාවාරම්කරුට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

March 18, 2024   06:31 pm

හෙරොයින් ග්‍රෑම් 2.42ක් තම සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තහවුරු කර තිබේ.

අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.