ජේලර්ගේ නිවසට මල් වඩමක්

ජේලර්ගේ නිවසට මල් වඩමක්

March 18, 2024   05:45 pm

ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් සහ ඉටි පන්දමක් යමෙකු විසින් තබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම සිද්ධිය අද (18) උදෑසන වාර්තා වී තිබුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ අදාළ ජේලර්වරයා ගාල්ල බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන නිලධාරියෙක් බවයි.

ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසිකරන පාර්සල් කිහිපයක තිබී ජංගම දුරකථන 13ක් සහ දුම්කොළ මෙම නිලධාරියා විසින් සොයාගෙන ඇති බවත් ඊයේ සවස ද පිටතින් විසිකළ පාර්සලයක් මෙම නිලධාරියා විසින් සොයාගෙන තිබුණි.

ඒ අවස්ථාවේ රැඳවියෙක් එම නිලධාරියා සමග බහින්බස් වීමක් ඇතිකර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙයි.

මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගෙන ඇති බවද දිසානායක මහතා පැවසීය.