මොරටුවේදී කාන්තාවක් මරුට

මොරටුවේදී කාන්තාවක් මරුට

March 18, 2024   04:05 pm

මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවටය.

මීට මාස කිහිපයකට පෙර මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී අභිරහස් ලෙස මියගියේය.

මියගිය සැමියාගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.