හොර පාස්පෝට් හැදූ බවට සැක ලොක්කාට ලැබුණු නියෝගය

හොර පාස්පෝට් හැදූ බවට සැක ලොක්කාට ලැබුණු නියෝගය

March 18, 2024   04:02 pm

සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පළායාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකසාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයා ඇප මත මුදාහැර තිබේ.

සැකකරු අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ වර්තමානයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත උසස් නිලධාරියෙකි.