සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

March 18, 2024   02:05 pm

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.