ඉන්දියාවෙන් තවත් රටකට ලොකු ආධාරයක්‍
සයුරෙන් එතෙර

ඉන්දියාවෙන් තවත් රටකට ලොකු ආධාරයක්‍

December 7, 2023   03:41 pm

ඉන්දියාව විසින් පැපුවා නිව්ගිනියාවට අමෙරිකානු ඩොලර් මිලියනයක ක්ෂණික ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ, ගිනිකඳු විධාරණයෙන් විපතට පත්වී සිටින පැපුවා නිව්ගිනියාවට සහන ලබාදීම ස‍ඳහා ය.

පැපුවා නිව්ගිනියාවේ සහන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ සඳහා සහායවීම එහි ප්‍රධාන අරමුණ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත්දා පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් පුපුරා ගිය අතර ආපදාවලට ලක්වී සිටි 26,000 කට අධික පිරිසක් වාසස්ථානවලින් ඉවත් කෙරුණි.

ඉන් අනතුරුව ඔවුන්ට හදිසි මානුෂීය අවශ්‍යතා මතුවී තිබුණි.