මරාන්තික මාර්බර්ග් වෛරසය පැතිරීම වේගවත් වෙයි

මරාන්තික මාර්බර්ග් වෛරසය පැතිරීම වේගවත් වෙයි

April 2, 2023   03:27 pm

මරාන්තික මාර්බර්ග් (Marburg) නමැති වෛරස තත්ත්වය අප්‍රිකාව තුළ වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබේ.

ටැන්සානියා, ගිනියාව යන රටවල වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාර්බර්ග් වෛරසය ඉහළ මරණ අනුපාතයක් සහ වසංගත විභවයක් සහිත බෝවන රෝගයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර තිබේ.

අධික උණ, අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනය සහ හිසේ කැක්කුම මෙහි රෝග ලක්ෂණ වන බව වාර්තා වෙයි.