පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළා

පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළා

November 14, 2018   06:11 pm

26වන දා සිට රටේ අර්බුදකාරි තත්ත්වයක් ඇති වී තිබෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන මහතා පවසයි.

අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

නව අග්‍රාමාත්‍යවරයෙක්  අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරිමද ව්‍යවස්ථා විරෝධි බව එ මහතා එහිදි පැවසීය.

එමෙන්ම නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම, පාර්ලිමේන්තුව කල් තැබිම සහ විසුරුවාහැරිම යන ක්‍රියාවන් ද ව්‍යවස්ථා විරෝධී බව ඔහු ප්‍රකාශ කළේය.

තම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව මෙම ක්‍රියාමාර්ගවලට විරුද්ධ විමට පක්ෂය තීරණය කළ බවද ඔහු පවසයි.

මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තම පක්ෂය නියෝජනය කරමින් එම තීරණවලට පළවෙනි පෙත්සම යොමු කළේ තමන් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අත්හිටුවමින් ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවද ඔහු පවසයි.

ජනාධිපතිවරයා 17වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබා තිබියදි ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයෙන් ඇතුළු විවිධ පර්ශවයන්ගෙන් ඇති වු පිඩනය නිසා පාර්මේන්තුව 14වනදාට කැදවීමට සිදු වු බවත් ඒ අනුව අද පාර්ලිමේන්තුව රැස් වෙලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩලයට එරේහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව 122කු ඡන්දය බාවිතා කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.