මස් කඩේකින් මතු වුන හොර මස් තොගය

මස් කඩේකින් මතු වුන හොර මස් තොගය

November 7, 2018   07:08 pm

නුවරඑළිය නගරයේ මස් මාංශ අලෙවි කරන වෙළඳසැලක අලෙවි කිරීමට සුදානම් කර තිබු වල් ඌරු මස් කිලෝග්‍රෑම්  83 ක් සමග සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ජි.ආර්.රත්නායක මහතා පැවසිය.

නුවරඑළිය නගරයේ වල් ඌරු මස් ඉතා සූක්ෂම ලෙස අධික මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් මත නුවරඑළිය හග්ගල අඩවි කාර්යාලයේ නිලධාරින් හා රේල්වෙස් ලැන්ඩ් ජාතික උද්‍යාන කාර්යාලය එක්ව අද (07) පස්වරුවේ සිදු කල හදිසි වැටලීමකදි වෙළඳසැලක අධි ශීතකරණයක ගබඩා කර තිබියදී මෙම මස් තොගය සොයාගෙන ඇත.

වනජීවි නිලධාරින් කරන ලද මූලික පරික්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ දඩයම්කරුවන් විසින් දඩයම් කරන ලද වල්ඌරන් මෙම ව්‍යාපාරිකයා විසින් මිල දී ගෙන අධික මිලකට අලෙවි කරන බවයි. 

වල් ඌරු මස් තොගය සමග සැකකරු සහ අධි ශීතකරණයද වනජිවි කාර්යාලයේ නිලධාරින් බාරයට ගෙන ඇත.

සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසීය.