තෑගි ගන්න ගිය සිසුවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ බිල්ලක් වෙයි

තෑගි ගන්න ගිය සිසුවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ බිල්ලක් වෙයි

October 18, 2018   04:43 pm

උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු වෑන් රථයක් තුළදී අපහරණය කළ බවට මාතලේ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගැනිමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි මාතලේ පොලීසිය පවසයි.

අදාළ සිදුවීම පසුගිය (14) වන දින උකුවෙල කන්දේමඩ ප්‍රදේශයේ මළ ගෙදරකට පාසල් සිසුවාගේ ලොකු අම්මා සහභාගි වී ඇති අතර එහිදී එම මළ ගෙදරටම පැමිණ සිටි අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මොහු සමඟ මිත්‍ර වී තමන් පැමිණි ත්‍රීරෝද රථයේ යතුර අස්ථානගත වී ඇති බව පවසා තිබේ.

පාසල් සිසුවාගෙන් එය සෙවිමට සහය ඉල්ලා ඇති අතර, ඒ බව ලොකු අම්මාට පවසා ඔවුන් දෙදෙනා  මළ ගෙදරින් පිටතට ටික දුරක් පැමිණිමෙන් පසු යතුර හමුවු බව මන්ත්‍රීවරයා පවසා එය සෙවිමට උදව් කළාට පාසල් සිසුවට තැග්ගක් ලෙස බෆල් එකක් ලබා දීමට තමා සමඟ පැමිණෙන ලෙස සිසුවාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එය ලබා ගැනිමට මන්ත්‍රීවරයා සමඟ මන්ත්‍රීවරයාගේ ත්‍රීරෝද රථයෙන් නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තකට ගොස් ඇති අතර තිබු කාමරයකට එම සිසුවා රැගෙන ගොස් ටික වේලාවක් ඉද එම කාමරය අසල ගරාජයක නවතා තිබු වෑන් රථයට නගින ලෙස ඉල්ලා වෑන් රථය තුළදී තමාව අපහරණය කළ බවට  පාසල් සිසුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයවෙත ඊයේ(17) වන දින පැමිණීලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව අදාළ මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට හා ප්‍රාදේශිය සභාවට කිහිපවරක් පොලිස් කණ්ඩායම් ගියත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැණිමට නොහැකි වු බැවින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරික්ෂණ පවත්වන බව මාතලේ පොලීසිය පවසයි.

එම සිදුවිමට අදාළ පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුළත් කර ඇති අතර සිද්ධීය පිළිබද පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදු කරනු ලබයි.