නාලක CIDයට එයි

නාලක CIDයට එයි

October 18, 2018   10:16 am

ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරකෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාට දැනුම්දීමක් සිදුකර තිබුණි.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මීට පෙර පසුගිය 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නාලක ද සිල්වා මහතාට දැනුම් දී තිබුණද පෞද්ගලික හේතුවක් මත ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතීඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණි.