තවත් අභිරහස් මරණයක්

තවත් අභිරහස් මරණයක්

October 17, 2018   12:03 pm

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ ඉහළ කොටසේ මඩුවක් අසල තිබි පිරිමි මළ සිරුරක් හමු වු බව හැටන් පොලීසිය පවසයි.

තේ වතු යාය මධ්‍යයේ  මෙම මළ සිරුරක් තිබෙන බවට එම වතු යායේ  වතු කම්කරුවන් හැටන් පොලීසිය වෙත ලබාදුන් තොරතුරක් මත ඊයේ රාත්‍රි 10.00 ට පමණ මෙම සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ නොර්වුඩ් නිව්වැලි වත්තේ පදිංචි එස්.ජේසුදාසන් නැමති 65 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු ඊයේ දහවල් දික්ඔය මැණික්වත්ත ප්‍රදේශයේ ඥති නිවසකට යන බව පවසා නිවසින් ගිය බවත්, ආපසු නොපැමිණි නිසා ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කළ බව මරණකරුගේ ඥතින් විසින් හැටන් පොලීසියට පවසා ඇත.

මිය ගිය අයගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.