යතුරුපැදියක් සද්ධන්තයෙකුගේ ගැටී පුද්ගලයෙක් මරුට

යතුරුපැදියක් සද්ධන්තයෙකුගේ ගැටී පුද්ගලයෙක් මරුට

October 17, 2018   11:24 am

මහනුවර - යාපනය ඒ 09 මාර්ගයේ ඥානික්කුලම් පාලම අසලදී යතුරුපැදියක් වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනුරාධපුර සිට කැකිරාව දෙසට ගමන් කළ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ තිරප්පනේ, උලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි මෝදර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරිරය තිරප්පනේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතයි.