පළාත් කිහිපයකට මිලි මීටර් 100ක තද වැසී

පළාත් කිහිපයකට මිලි මීටර් 100ක තද වැසී

October 17, 2018   06:37 am

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දේපාර්තමෙන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැණුම් දී ඇත.